ජය වේ ජය වේ ජය වේවා
විදුහල් මෑණි ට ජය වේවා……………….//
දඹුල්ල සීගිරි කලා නිකේතන
ලොව සුපතළ සිතුවම් ආදරෙන් අතරේ
මහවැලි රන්දෙනි සිසිලස ලබමින්
විදුහල් මෑණි නිති බැබළි බැබළේ……………………//
කෙත් වතු පොල්ව වතු ගෙවතු උයන් වතු
මල්ඵල ගැන්වූ මහපොළවේ
කන්ඩලමේ මහ විදුහල් මෑණිී
දින දින සිසුනට ගුණනැණ දේ…………//
සිප්සත දීමෙන් ගුණදම් වැඩුමෙන්
සිසු හදවත් හැම පුබුදු කලේ
අභිමානය හෙළ දරු දැන් දැරියන්ගේ
මව් මව්බිම් සුරැකුම් පුබුදු කලේ………….//
රජරට පෙදෙසේ අනුරාපුරයේ
දහම් සුවඳ මෙහි නිති බැබ ලී බැබළේ
කන්ඩලමේ මහ විදුහල් මෑණී
ජය ජය ජය වේ………….//