නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ/කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලය

පූජ්‍ය B.සුමන හිමි
දිනෙන් දින ජයමාවත කරා පියනඟන රජරට පුරවරයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අධ්‍යාපන කලාපයේ ඇති දීප්තිමත් පාසලකි. විෂය මෙන්ම විෂය සමගාමී එනම් (වෑල්ඩින්, වඩුවැඩ, ජලනළ පද්ධති) යන සෑම අංශයක්ම අප පාසල, කලාප හා පළාත් මට්ටමේ ජයග්‍රහණ රාශියකටම හිමිකම් කියන අප පාසල දක්ෂ සිසු සිසුවියන්ගේ හා අති දක්ෂ ඇඳුරු මඩුල්ලකට ද හිමිකම් කියයි.
තොරතුරු තාක්ෂණ අංශයේ විශාල දියුණුවක් කරා ගෙන යන විෂය භාර ආචාරිනී H.M.S.U.කරුණාතිලක ගුරුතුමියගේ අපිරිමිත කැපකිරීම මත නව වෙබ් අඩවිය නිර්මාණය කෙරිණි. ඉදිරියේ දී පාසලෙ වැඩකටයුතු සඳහා ඉතා ඵලදායී ලෙස යොදා ගත හැක. ඒ සඳහා ඉමහත් කැපකිරීමක් කළ ගුරුතුමිය හා සිසු දරුවන් සියලු දෙනාට මාගේ හදපිරි කෘතඥතාවයන් මෙයින් සනිටුවහන් කරමි.
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ/කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලය

උපාලි සේනාරත්න මයා
ක්‍රමානුකූලව අධ්‍යාපනික හා බාහිර ක්‍රියාකාරකම් තුළින් දියුණුව කරා පිය නඟන අ/කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලයේ වෙබ් අඩවිය වෙත මෙම පණිවුඩය ලබා දෙන්නේ හදපිරි සතුටිනි.
වර්තමානයේ අවශ්‍ය වන්නේ මනුසත් ගුණදම් සිපිරුණු සහ වැඩ ලෝකය ජය ගත හැකි සිසු පරපුරකි. සමාජ පරිණාමීය ලකුණු හැම පැත්තෙන්ම දක්නට ලැබෙන මේ මොහොතේ අභියෝග වලට නොබියව මුහුණදිය හැකි සිසු පරපුරක් නිර්මාණය කිරීම අද දවසේ ගුරු පරපුර ඉදිරියේ ඇති වගකීමකි.
ඩී.එස්.සේනානායක මැතිඳුන්ගේ ගොවි ජනපද ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ හැටේ දශකයේ දී ආරම්භ වූ මෙම විදුහල එදා සිට මේ දක්වා අධ්‍යාපන, බාහිර ක්‍රියාකාරකම් , ක්‍රීඩා ආදී සෑම ක්ෂේත්‍රයකම ඉහළ ප්‍රගතියක් දිනාගත් පාසලකි. වර්තමානය වන විට සිසුන්ගේ දැනුම ප්‍රචලිත කිරීමට හැකිවන අයුරින් අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක විද්‍යාගාරය, සුහුරු පන්තිකාමර, තාක්ෂණික විද්‍යාගාර , ක්‍රීඩා ආදී පහසුකම් වලින් හැඩවෙන මෙම පාසලේ ප්‍රදේශයේ දරුවන්ට සම්පත් මධ්‍යස්ථානයකි. අත්දැකීමෙන් හා විවිධ හැකියාවන්ගෙන් පූර්ණ ඇඳුරු මඩුල්ලක හා නායකත්වයක මඟපෙන්වීම යටතේ දැනුම ලබන සිසු දරුවන්ටත් පරිගණක ලෝකයට මං සලකුණු විවර කර දෙන සුමුදු උදේශිකා කරුණාතිලක ගුරුතුමියටත් විදුහල්පතිතුමා ඇතුළු සහෝදර ආචාර්ය මණ්ඩලයටත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් සුභ අනාගතයකට පැතුම් එක් කරමි.