විදුහල්පති පණිවිඩය
කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලය

උතුරු මැද පළාතේ කැකිරාව කලාපයේ පිහිටා ඇති අප පාසල දිනෙන් දින විශිෂ්ඨයන් බිහිකරමින් විශිෂ්ඨත්වය කරා පියනගන දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත්, මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර , පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් බොහොමයකි.
මෙම විදුහලේ විවිධ පාර්ශව සමග අදහස් හා තොරතුරු හුවමාරුව සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම කාලීන වැදගත්කමක් සහිත කරුණක් බැවින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කළෙමු. එ අනුව මේ තුලින් සියලු පාර්ශව සමග එක්ව පලදායි මෙහෙවරක් ඉටු කළ හැකි වෙතැයි මම තව දුරටත් අපේක්ෂා කරමි.
මෙම වෙබ් අඩවිය සමග එක්ව විදුහලේ අභිවෘර්ධිය වෙනුවෙන් අත්වැල් බැද ගැනීමට සියලු දෙනාට මෙයින් ආරාධනා කරමි. මෙම සත්කාර්ය වෙනුවෙන් දායක වූ සියලු දෙනාට හදවතින්ම ස්තුතිය ද පුද කරමි. මේ තුලින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවායි ද නව තාක්ෂණය තුලින් දැනුම සොයා යන අනාගත පරපුරක් බිහිවේවායි ද ඉත සිතින් පාර්ථනා කරමි.
විදුහල්පති,
කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලය